IMG-20230509-WA0024.jpeg
IMG-20240715-WA0081.jpg
IMG-20240715-WA0076.jpg
IMG-20250630-WA0160.jpg
IMG-20250702-WA0208.jpg

සිරිබර රජරට සිසු කැල සමගින්
සිප් අඹරේ දිදුලන සදපති වන්
මහසෙන් මැදි විදුහල් මාතාවනි
දහස් මලින් ඔබෙ පා පුදමු..........//

සිරිමා බෝ සිප එන මද පවනේ
හෙළ නර විරුවන්ගේ ගුණ ගැයුනේ
ඒ ගුණ කද වැටෙනා සද සවනේ
ඔබ රැක ගන්නට තෙද බල මැවුනේ

වන දහරින් පායා එන නවහිරු
කිරණින් ඔබෙ කිතු රැස විහිදේවා
කුල දන බල වනසා දෙස බස රැස
රැකුමට දරු දැරියන් බිහි වේවා

ගලෙන්බිදුණුවැව විදුහල් මාතා
දැය හෙලි කරනා මැණිකක් වේවා
සුදිලේවා සැරදේවා.....
මේ රන් දෙරණේ බැබළේවා..........//